අම්මා නැති මට - වික්ටර් රත්නායක | Amma nathi mata - Victor Rathnayaka


අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...

අම්මා නැති මට...//

මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

අම්මා නැති මට...//

ගායනය, සංගිතය - වික්ටර් රත්නායක
ගී පද - ලූෂන් බුලත්සිංහල

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...