ඉසුරු කොදෙව්වේ - ජගත් වික්‍රමසිංහ  | Isuru kodewwe - Jagath Wickramasinghe


ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්

වියැකී යන්නට සැරසුනු මල දැක
සිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...

යලිදු පතන්නට පැතුම් පෙළක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන් //
සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

ඉසුරු කොදෙව්වේ...


ගායනය, සංගීතය - ජගත් වික්‍රමසිංහ
ගී පද - වසන්ත රෝහණ

Comments

  1. යලිදු පතන්නට පැතුම් පෙළක් නැත (02 වන අන්තරා - 01 වන පෙල - 03 වන පදය)
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්.. (02 වන අන්තරා - 02 වන පෙල - 01 වන පදය)

    http://facebook.com/bgalajee

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...