නැති බැරි මොහොතක - රෝහණ වීරසිංහ | Nathi Bari Mohothaka - Rohana Weerasinghe - sinhala lyrics


නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි

කල්ප ගණනකින් අප නුදුටුව මුත්
උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
පරාජයෙන් අප අසරණ වූ දා
රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

නැති බැරි මොහොතක...

අපේ නමට ඇස කඳුළු උනන්නේ
ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

නැති බැරි මොහොතක...


ගායනය - රෝහණ වීරසිංහ
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

Comments