ඔබ ආයෙමත් ඇවිදින් - අමරසිරි පීරිස් | Oba Ayemath Awidin - Amarasiri Peiris


ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”



ගායනය - විශාරද අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා

Comments

  1. ලස්සන ගීතයක්.. මේ කරන සේවය අගය කරනවා.. ඔබට තෙරුවන් සරණයි. විවේකයක් ලද විගස මෙවැනි ගීත පදවැල් ලියන්න.. ගොඩක් පින්..

    ReplyDelete
    Replies
    1. මේ කරනා වෑයමේ දිරිගැන්වීම් තමයි මේ..හදවතින්ම ස්තූතියි අදහසට..හැකි සෑම විටම පැදුරට ගොඩවෙන්න කියලත් ආරාධනා කරනවා..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...