දෙව්රම් වෙහෙරේ - වික්ටර් රත්නායක | Pawe wala - Victor Rathnayaka


දෙව්රම් වෙහෙරේ
හිමි වැඩ සිටි සමයේ
මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා
මම‍ එමි බවදුරු කතර ගෙවා

සහසක් දොම්නස් දුක් ගිනි අතරේ
දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ
සමිද ඔබේ පිළිරුව දුටු පමණින්
නිවී නිවී යන අරුමය කිමද...

දෙව්රම් වෙහෙරේ...//

ජීවමානවන් හිමි දැක ගන්නට
මා නෙත කල පින් මද බව වැටහිනි
එහෙයින් හිමි අනුරුව අභියස සිට
බවුන් වඩමි ‍මෙත් බුදුන් දකින්නට

දෙව්රම් වෙහෙරේ...//

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. වික්ටර් රත්නායක මහත්මයා නුදුරු කාලයේදීම ගායනයෙන් සමු ගන්නට අදහස් කරන බව පසුගිය දවසක පුවත් පතක දුටුවා, ඇත්තටම රටේ පිනට පහල වූ එවන් කලා කරුවකු ගායනයෙන් සමු ගැනීම කණගාටුවක් වුවත් කාලය නැවතිය හැකි සමතෙක් නැති බැවින් එහි අරුමයක්ද නැහැ,

    ස්තූතියි, සහෝදරයා, ඔබ කරන අමිල සේවයට,

    ReplyDelete
  2. @ Ravi සහෝ බොහොමත්ම ස්තූතියි. ගීතය රසවිද අදහසක් එක්කර යන්නට අමතක නොකලාට. මෑත කාලයේ තරුණවිය පසුකර සිටින ඔබත් මමත් මේ ගී පැදුරට සම්බන්ධව ඇති අනෙකුත් සහෝදරයනුත් කෙතරම් නව ගී කරලියට ආවත් තවමත් මෙවන් ගීත සිතින් අමතක කර නැති බවක් හැ‍‍ඟෙනවා ඇති. ඔබ කිව්වා සේම ජාතියේ පිනට පහල වූ මෙවන් අනගි ගායකයින්හට දක්වන ගෞරවයක් ලෙස මෙලෙස ඔහුන්ගේ ගීත අඩවියට එකතු කිරීමට අදහස් කලේ...
    සැබවින්ම ගීත කලාවෙන් මෙවන් විශිෂ්ඨයෝ සමුගත් පසු කුමක් ඉතිරිවෙයිද යන්න ගීත රසිකයෙක් ලෙස මා හට නම් අත්තේ මහත් බියකි..

    ReplyDelete
  3. වික්ටර් රත්නායක ශූරීන් බාල තරුණ මහලු කොයි කාගෙත් හිත වල සදා මතකයේ රැදෙන ගීත විශාල ප්‍රමාණයක් දායාද කළා.මේ සඳහා ව්වික්ටර් රත්නායක ශූරීන්ට තවත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ සහයෝගය ලැබුණා,ඒ අපි කවුරුත් දන්න ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    මේ ගීතයයත් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින්.සංගීතය වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.

    ReplyDelete
  4. http://www.mediafire.com/?j5yxztyzh4z

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...