තරු අරුන්දතී - ඩබ්ලිව්. ඩී. අමරදේව | Tharu arundathi - WD Amaradewa - sinhala lyrics


තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිණි පොදක් සෙමෙන් සලනා

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
අළුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් හුළ‍ඟේ
මට තනියක් දැනුණා

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා

වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද දිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේද මට සිතුණා

කොයි ගියේද මට සිතුණා//


ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ



බිරිඳ මගේ ඔබ - නන්දා මාලිනී, ගුණදාස කපුගේ  | Birinda mage oba - Nanda Malini, Gunadasa Kapuge - sinhala lyrics


බිරිඳ මගේ ඔබ
නැ මා ඔබ‍ගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ ‍නොවේ.. ඔබගේ බිරිඳ නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත...//
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
දෑගිලි පමණක් එකට බැඳී ඇත

බිරිඳ මගේ ඔබ..//

සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද..

බිරිඳ මගේ ඔබ..//

පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ගුණදාස කපුගේ

යදමින් බැඳ විලංගුලා - නන්දා මාලිනී  | Yadamin benda Wilangu laa - Nanda Malini - sinhala lyrics


යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගු ලා...//

ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැද විලංගු ලා...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: සරත් දසනායක

රුවල් ඉරී ගිය - නන්දා මාලිනී  | Ruwal iree giya nawkawe - Nanda Malini - sinhala lyrics



රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙල අතරේ
මාහා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...

දෝතට එක්කල වැහිදිය පොවමින්
පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ...

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි
සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

රුවල් ඉරී ගිය...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ

මා සඳට කැමති බව - නන්දා මාලිනී | Ma sandata kamathi bawa - Nanda Malini



මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

මා සඳට කැමති බව...//

එක්ටැම් ගෙයි සිරගත කර
සමනළියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව...//


ගායනය - නන්දා මාලිනී
සංගීතය - ‍රෝහණ වීරසිංහ
ගී පද - සුනිල් ආරියරත්න


පෙරදා මැවූ සිනා


පෙරදා මැවූ  සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ..
පෙරදා ‍මැවූ සිනා...

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා...//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...

පෙරදා මැවූ සිනා...//

//ගී පද : නිලාර් එන්. කාසිම්
//සංගීතය : මහේෂ් දෙනිපිටිය

දෑසම රිද්දන - රූකාන්ත ගුණතිලක, නෙලූ අධිකාරි | Daesama riddana - Rookantha Gunathilaka, Nelu Adhikari

දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා...
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා...

මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා...
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා...

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප‍යේ ඇනිලා
මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා...
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා...

පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ...
මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ...

//ගී පද : අජන්තා රණසිංහ
//තනුව සහ සංගීතය : රූකාන්ත ගුණතිලක

සිතින් අදිනවා - චන්දන ලියනආරච්චි | Sithin adinawa - Chandana Liyanarachchi



සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී
යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..//

දුරක් දුකක් අමුනාගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ...//
පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ
හිතක් මවත් මට නුඹ විතරයි වාගේ

සිතින් අදිනවා...//

හදාගන්න හිත කිරිල්ලියක් අළුතින්
හොයාගන්න තුරු ඉන්නව අද රහසින්...//
තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින්
මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්

සිතින් අදිනවා...//

ඈතින් ඈතට - චාමර වීරසිංහ | aethin aethata - Chamara Weerasinghe

ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා...
මා ලඟ තිවු සිත අරන් ගියා
සුවඳ වත් මා ලග‍ නොතියා
අමතක කරලන්නම් කියා ගියා..
අමතක කරලන්නම් කියා ගියා..

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

සීතල වැහි බිංදු සේම කදුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළව ඉහිලුවත් ඒ වැහි බිංදු
කදුළු ගලන්නට ඉඩ මදිලු

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
ඉර බටු තරුවයි මග පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටි
පැතුම් පතා වී මග තනිවී

ඔය ඇස් අමතක වෙන්න නම්
මගේ ඇස් පිය වෙන්න වෙයි...//

සිනා පිපෙනා මේ - සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් විජේසේකර | Sina Pipena Me - Samitha Mudunkotuwa & Lakshman Wijesekara




සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා...

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා...//

ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි


රුවක් ඇදෙනවා - කරුණාරත්න දිවුල්ගනේ | Ruwak adenawa - Karunarathna Divulgane

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

රුවක් ඇදෙනවා...//

නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..

රුවක් ඇදෙනවා...//

සඳ හොරෙන් හොරෙන් - ඩබ්ලිව්. ඩී. අමරදේව | Sanda horen - WD Amaradewa


සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ‍ හොරෙන් හොරෙන්...//

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ‍ හොරෙන් හොරෙන්...//


ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - කුලරත්න ආරියවංශ

මේ ගුරු පාරේ - ඩබ්ලිව්. ඩී. අමරදේව | Me Guru Pare - W.D.Amaradewa

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත...//
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

මේ ගුරු පා‍රේ...//

ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..//
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ..

මේ ගුරු පා‍රේ...//

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තේ මෙතනින් : Periwinklelk(ApArnA)

බිංදු බිංදු රන් - ඩබ්ලිව්. ඩී. අමරදේව | Bindu bindu ran - WD Amaradewa

බිංදු බිංදු රන් කෝමල මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී...// ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

හුරු නැති මලක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා.....

කුණ්ඩ සමන් පෙති සුවඳ හලාලා
රන් හිරුරැස් කෙදි දෙරණ සිඹින විට
මන්දැයි තවමත්..// ලංදට නාවේ
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි...//

මට සිහිනයක් වගෙයි - ෂර්ලි වෛජයන්ත


මට සිහිනයක් වගෙයි
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ...//

හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්...//
අපි දෙන්න උන්නෙ
අපි දෙන්නට හරිම ආදරෙන්

මට සිහිනයක් වගෙයි...//

අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා...//
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා...

මට සිහිනයක් වගෙයි...//


ගායනය / සංගීතය - ෂර්ලි වෛජයන්ත

මං බොලඳ වියේ - ෂර්ලි වෛජයන්ත



මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්...
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්...

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ...

අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...

මං බොලද වියේ...//


ගායනය / සංගීතය - ෂර්ලි වෛජයන්ත

සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද | Sithuwili sira wee - Bandara Athauda


සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවී...//

මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී...

සිතුවිලි සිරවී...//



ගායනය - බණ්ඩාර අතාවුද

සිහිනයකි ඔබ - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද | sihinayaki oba - Bandara Athauda, Niranjala Sarojini


සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා...

සිහිනයකි ඔබ...//

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා...
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා...

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා...
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා...


ගායනය - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද
සංගීතය - එච්.එම් ජයවර්ධන
ගී පද - කුසුම් පීරිස්

රුවන් තාරකා - බණ්ඩාර අතාවුද | Ruwan Tharaka - Bandara Athauda


රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...//

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...//
නිබඳ මා වෙතේ...

රුවන් තාරකා...//

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...//
යොවුන් මාවතේ...

රුවන් තාරකා...//


ගායනය - බණ්ඩාර අතාවුද


අශාවේ මල් - බණ්ඩාර අතාවුද | Ashawe mal - Bandara Athauda


අශාවේ මල් වැටෙන්නෙ මේ
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු
නයන කළු නුඹ මගේ කළු..

රෑ නිල් අහසේ නිදන සදවතී..
රෑ නිල් අහසේ නිදන සදවතී..
අදින සළු.. මිදුලෙ එලූ..
අදින සළු.. මිදුලෙ එලූ..

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

අශාවේ මල්...//

පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

ආශාවේ මල්...//


ගායනය - බණ්ඩාර අතාවුද

ලියතඹරා - ආත්මා ලියනගේ | Liyathambara - Aathma Liyanage

ලියතඹරා මෘදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි...//

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා...//

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා...//


ගායනය, සංගීතය - ආත්මා ලියනගේ

කැලෑ මල් පිපෙයි - සුනිල් එදිරිසිංහ | Kele mal pipei - Sunil Edirisinghe

කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කර ඔමරි ලතාවයි
මල් උයනේ සුවද සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නනේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

කැලෑ මල් පිපෙයි...

ලදුනි නුඹෙන් ‍තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන්වනිතාවන්
ම්ල්නෙලදුන් අතරතුරේ වාසනාවන්

කැලෑ මල් පිපෙයි...


ගායනය - සුනිල් එදිරිසිංහ

‍ඔබේ නමින් සෑය බඳිමි - ඩබ්ලිව්. ඩී. අමරදේව | Obe namin seya bandimi - WD Amaradewa

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුණ්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම තාල හඬට හඬන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

ඔබේ නමින්...//


ගායනය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර හෝ ඩෝල්ටන් අල්විස්



Ruchira Bandara

ප්‍රේමය පුද දි අවසානයි - චාමර වීරසිංහ, රාජිකා | Premaya puda dee awasanai - Chamara Weerasinghe, Rajika

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න


එක වදනක් පවසන්නම්
එය හදවත හඬවයි නම් //
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ‍ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න


ප්‍රේමය පුද දී අවසානයි...


ආදරයක් තියනව නම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම් //
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න


ප්‍රේමය පුද දී //



ගායනය - චාමර වීරසිංහ, රාජිකා


හිමි නැති පෙමකට - මාලිනී බුලත්සිංහල | Himi nathi pemakata - Malini Bulathsinghala

හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා..
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහි වෙලා...//

කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...

හිමි නැති පෙමකට...//

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැතිද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැ‍හෙනු මැනවී

හිමි නැති පෙමකට...//

රාත්‍රිය උදාවුනා - ටී.එම්. ජයරත්න | Rathriya Udawuna - TM Jayarathna - sinhala lyrics


රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ...//

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්..//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...

රාත්‍රිය උදාවුනා...//

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..//
සිත තැවුල් මවා ලයි
පුරා රැය නිතින්...

රාත්‍රිය උදාවුනා...//


ගායනය - ටී.එම්. ජයරත්න

කුරුටු ගෑ ගී පොතේ - නන්දා මාලිනී  | Kurutu ge gee pothe - Nanda Malini - sinhala lyrics


කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

කුරුටු ගෑ ගී පොතේ...//

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

කුරුටු ගෑ ගී පොතේ...//

ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ස්ටැන්ලි පීරිස්

තනිවී සිටින්නයි මා - මිල්ටන් මල්ලවආරච්චි | Thaniwee sitinnai - Milton Mallawarachchi

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටිනයි මා...//

ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා...//

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

ආදරේ රන් බිඟුන් - මර්වින් පෙරේරා | Adare ran bigun - Mervin Perera

ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ‍ඔබ තමයි ලදේ...//

ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...

ආදරේ රන් බිඟුන්...//

රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලදේ සෙනේ
‍සුපුන් සඳ ඔබ තමයි මගේ...

ආදරේ රන් බිඟුන්...//

කරදිය ගැඹරේ - එඩ්වඩ් ජයකොඩි | Karadiya gambare - Edward Jayakodi


කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

දුම් රොටු අතරේ කම්මල් ඇතුළේ
දැ‍තිරෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ...

කරදිය ගැඹරේ...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: ප්‍රේමකුමාර ජයවර්ධන
සංගීතය: රෝහණ වීරසිංහ


දිය කිඳුරිය සේ - එච්.ආර්. ජෝතිපාල | Diya kinduriya se - HR Jothipala



දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ...//

මට කියන්න - නදීක ජයවර්ධන | Mata kiyanna - Nadeeka Jayawardena


මට කියන්න හැම දෙයක්ම
සිතේ තියන දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න...

ඔබේ නෙතු අගින් රැදෙනා කඳුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැදෙමින්
හැකිවේද සිතනු රිසින්...

මට කියන්න...//

දුක රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
රැදෙන්න අවසරයි සොදුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න...//

‍‍‍‍ගායනය : නදීක ජයවර්ධන
පද රචනය : තාරක හේරත්
සංගීතය : රංග දසනායක

මාශා - කසුන් කල්හාර | Masha - Kasun Kalhara

සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...

මාශා සොයා තාමත් නොයා
බලා හිදී මේ දෙනෙත් විදාලා...//

දේදුන්නේ..නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ...
ඒ මුහුනේ..ගෑ වත්සුනු නෑ තවරා නැ
කිදුරන් වාගෙම නෑ‍...
නවතාලා - සිත විමසාලා - තරු ඉගි පානා
ඈ මට ඕනා...
ඈ නවතාලා - තරුඉගි පාලා - හිත විමසාලා...

රෑ වීලා රෑ ඕනැ නෑ - තාමත් ඈ දුර නැ
ආකාසේ රෑ තහනම් නැ අහුරන් නෑ
තාමත් ඈ ලග නෑ...
කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා - සිප ගන්ඕනා
ඈ කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා...

මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නැ..
සැලුනේ නැ - වෙනදා මෙන් ඔය නෙතගන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නැ
නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ...

මාශා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා...//


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - ධනුෂ්ක වීරසිරි

හැමදාමත් යාළුවේ - සෝමතිලක ජයමහ | hamadamath yaluwe - Somathilaka Jayamaha


හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ...//

පිපි කු‍සුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ...//

හැමදාමත් යාළුවේ...//

සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතු‍රනි...//

හැමදාමත් යාළුවේ...//

ආදරයේ උණුසුම ළඟ - සෝමතිලක ජයමහ | Adaraye unusuma langa - Somathilaka Jayamaha


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...



ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - විජයසිරි අමරතුංග
සංගීතය - අමරසිරි පීරිස්


තනිවෙන්නට ම‍ගේ ලොවේ - වික්ටර් රත්නායක | Thani wennata mage lowe - Victor Rathnayaka


තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක | Aadaraye ulpatha woo amma - Victor Rathnayaka


ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

තනි තරුවේ - වික්ටර් රත්නායක | Thani tharuwe - Victor Rathnayaka


තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

තනිතරුවේ.................///

හිත මිතුරු සුළඟ - වික්ටර් රත්නායක | Hitha mithuru sulanga - Victor Rathnayaka

හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

හිත මිතුරු සුළඟ...//

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

හිත මිතුරු සුළඟ...//

ඔබ හීනයක් වගේ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Oba Heenayak Wage - Deepika Priyadarshani - sinhala lyrics

ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//

මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ ‍එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...

ඔබ හීනයක් වගේ...//

මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...

ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල

මුතු කුඩ ඉහලන - රෝහණ වීරසිංහ | Muthu Kuda Ihalana - Rohana Weerasinghe - sinhala lyrics


මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...

මුතු කුඩ ඉහලන...//


ගායනය : රෝහණ වීරසිංහ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : රෝහණ වීරසිංහ


 

දමා යන්නට - සෝමතිලක ජයමහ | Dama yannata - Somathilaka Jayamaha


දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී ‍යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...

බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

දමා යන්නට...//

බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...

දමා යන්නට...//

කදුළු බිංදු - සනත් නන්දසිරි | Kandulu bindu - Sanath Nandasiri


කදුළු බිංදු හංග ගන්න දෑස් පියන් අස්සේ
සතුටට මිස දුකට නොවෙයි එවා ඊට පස්සේ
එකතුවෙන්න අපි දෙන්නා ආසිරි මල් වැස්සේ
පෙරුම් පිරුව හැටි මතක ද කල්ප කලක් තිස්සේ...//

වේල්පටින් වැසුනු ඔබේ වත කමලේ සෝබා
තිසර පටින් වැසුනු සදට අසිරි කියා පෑවා
මගේ ලොවට එළිය දෙන්න සද හිරු පොරකෑවා
ඔබෙ නීල නෙතු කැල්මට ඒ පරාද වූවා....//

දෙසිත බැදී කටුද ම‍ගේ ගව් ගණනක් ආවා
දෑගිලි බැද පොරුව මත එමගපෙහෙලි වූවා
දෙහදට හද එක් වහලක් ලෙස සවනත ආවා
අප හදවත් නවතින තුරු අපි අපේම වේවා...//

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : රනිල් ජයසේන
සංගීතය : සනත් නන්දසිරි

එදා මෙදා තුර - සනත් නන්දසිරි | Eda meda thura - Sanath Nandasiri


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ‍ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට‍ නොකියාම ගියා...

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

එදා මෙදා තුර...//

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : විමල් ජයශාන්ත
සංගීතය : සනත් නන්දසිරි

ඔබ මා හමුවේනම් - ජගත් වික්‍රමසිංහ  | Oba ma hamu we nam - Jagath Wickramasinghe


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//

හන්තානට පායන සඳ - අමරසිරි පීරිස් ‍| Hanthanata Payana Sada - Amarasiri Peiris


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...//

// ගායනය : අමරසිරි පීරිස්
// සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
// පද රචනය : ධම්මික බණ්ඩාර

සසර සැරි සරණ තෙක් ඔබ මගේ - වික්ටර් රත්නායක | Sasara sarisarana thek - Victor Rathnayaka

ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ - අමරසිරි පීරිස් | Kauruwath Naha - Amarasiri Peiris


කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//


//ගී පද : හේමසිරි ගුණතුංග
//සංගීතය : ප්‍රේමසිරි කේමදාස

ලෙයිලා - කසුන් කල්හාර | Laila - Kasun Kalhara

ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...

කවදාවත් ම නොවිදී - සුවඳක් මා හද පුරා...
ලංවී ඉන්න හැම දා - ඔබ මා ලඟ නැවතිලා...//
‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

දෑ තේ දැවටීලා මවනා
අනන්ගි තත්සර රටා
සවනේ රැව්දේවි සැමදා
මතකයේ නොමැකීලා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

සීත නුදුරුව දැනුනා
රඟන රැගුමන් නිසා
නුරා සුවඳ විදිමු සැමදා
ප්‍රේමයේ රස මවා...
ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//

කවදාවත් ම නොවිදී සුවඳක් මා හද පුරා
ලංවී ඉන්න හැම දා ඔබ මා ලඟ නැවතිලා...
‍ලෙයිලා‍ ඕ ලෙයිලා...
ලෙයිලා ඕ ලෙයිලා...//


ගායනය, සංගීතය - කසුන් කල්හාර

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති - වික්ටර් රත්නායක | Buduhamuduruwo apith dakinnathi - Victor Rathnayaka

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්ඇති ඒ කා‍ලේ
නිවන් දකින්නට පිං මදි වෙන්ඇති
එකයි තවමත් සංසාරේ...//

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන්දකින්නට පිං මදි වෙන්ඇති
ඒකයි තවමත් සංසාරේ

බුදුහාමුදුරුවො....//

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්ඇති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදුහාමුදුරුවො...//

ගායනය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
Related Posts Plugin for WordPress, Blogger...