එක වසන්තයක - කසුන් කල්හාර | Eka wasanthayaka - Kasun Kalhara


එක වසන්තයක එක රාත්‍රියක දැනුණා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුණා... විතරක් මතකයි...

හද ලුහුබැඳ ඉව කරනා
පෙර ස‍සරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...

ඒ වසන්තයෙහි හමුවන සුළඟ සමග
සසැඳී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවඳ සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද...
සිහිවනු පිණිස... සොඳුර...

මේ වසන්ත‍යම ගතවී යන්නට පෙර
‍තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිණිස
මගෙ හැඟුමක් තියන්නද...
ගිවිසනු පිණිස... සොඳුර...

එක වසන්තයක...//

ගායනය - කසුන් කල්හාර
ගී පද - කැලුම් ශ්‍රීමාල්
සංගීතය - සුරේෂ් මාලියද්ද



Comments

  1. මෙහි මුල් ගායනය නිරෝෂා විරාජනී මහත්මියගේ වන අතර මෙතනින් සින්දුව ලබා ගන්න. පද වැලෙහි පුංචි වෙනසක් දකින්න..

    http://www.mediafire.com/?rbfbr9vyx2y0a2f

    ReplyDelete
    Replies
    1. මුලින්ම නන්දන දුන්න සින්දුවට ගොඩක් ස්තූතියි. ඒක මේ සින්දුවෙම වෙන වර්ෂන් එකක්. කවුරු මුලින් කිව්වද කියල දන්නෙ නෑ. නමුත් මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ කසුන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එකෙන්. සමහර විට සින්දුව ලියපු කැළුම් ශ්‍රීමාල් ඒ පද ටික නිරෝෂටත් දෙන්න ඇති.

      මොනව වුණත් ඒ වර්ෂන් එකත් මරු. කවුරුත් කැමති වෙයි ඒකටත්...

      Delete
  2. ඒ (වසන්තයෙහි) හමුවන සුළඟ සමග
    (සසැඳී) පෑහෙන්නට හිතයි මට

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...