හිම රේණු වැටෙනා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල | Hima renu watena - Greshan Ananda, Latha Walpola



පි: හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..

ගැ: රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ..

පි: මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා..
ගැ:මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා..

හිමරේණු වැටෙනා...//

ගැ: මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ..
පි: මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා..

රන්තෝඩු සැලේනා...//


ගායනය - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
සංගීතය - සරත් දසනායක
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

Comments

  1. පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
    ස්වර - සරත් දසනායක
    චිත්‍රපටය - ආත්මා

    ReplyDelete
  2. ගී පැදුරට දිගාසිරි....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...