කන්දේ ලන්දේ - රෝහණ බැද්දගේ ‍| Kande lande - Rohana Beddage - sinhala lyrics


කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක්මානේ
මන බැන්දේ ඉන්දේ සුව පහසේ වාසේ ගම්මානේ

වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ... ගම්මානේ...

කන්දේ ලන්දේ...

ඇල් හේනේ රුක් සෙවනේ ගෙපලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමිගීත රාවේ
මා පුංචි කාලේ ලෑබූ ආදරේ සුන්දරත්වේ
යයිදෝ නවෝදෙන් මැකීලා... ගම්මානේ...

කන්දේ ලන්දේ...

ගායනය - රෝහණ බැද්දගේ
සංගීතය - රෝහණ බැද්දගේ
ගී පද - රෝහණ බැද්දගේ






Dinura Pradeep Balasooriya

Comments