කව්රුන්ද ඔබ මගේ - සුනිල් එදිරිසිංහ | Kawrunda oba mage - Sunil Edirisinghe


කව්රුන්ද ඔබ මගේ
කව්රුන්ද මා ඔබේ... //

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙම්
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙම්
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙම්

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා හිඳින්නෙම්

කව්රුන්ද ඔබ මගේ.

ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
සංගීතය : රෝහණ වීරසිංහ

Comments