එපා කඳුලැල් සලා - ආත්මා ලියනගේ | Epa kandulel sala - Aathma Liyanage


එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව...//

එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද...//
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත...//

ආදර හැඟුමන් සලා‍
මිරිඟුවක වෙලෙන් එපා..//
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා..//


ගායනය - ආත්මා ලියනගේ
සංගීතය - ආත්මා ලියනගේ
ගී පද - කුමාරි ලංකා


Comments