අහස නුඹ මෙතරම් - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Ahasa Nuba Metharam - Deepika Priyadarshani Peiris - sinhala lyrics


අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියගය ආවාමයි..//

රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිඹින් ලැබුනිද...

අහස නුඹ මෙතරම්...//

නීල ඉදුවර පෑ අහසට
කදුළු වැසි දුන්නේ කවුරුද...//
පලා පෑ ඉසි ලූ මිහිමත
නියන් ඇති රූ වුයේ කවුරුද...

අහස නූඹ මෙතරම්...//


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

Comments