තුමුල නමුණු කුල ගිරි හිස - සමන් ජයනාත් ජිනදාස | Thumula namunukula giri hisa - Saman Jayanath Jinadasa - sinhala lyrics


තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි..
කිම‍ ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා...

නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..
සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට
ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...

කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් - ඉති‍රි වෙද උමා...

ගායනය - සමන් ජයනාත් ජිනදාස
පද රචනය - සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය - ආනන්ද පෙරේරා

Comments

  1. ඔව් ..
    පිච්ච මල් සුවද විකරක් ඉතිරි වෙයි...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...