හත් මුහුදින් එපිට ගුගුරුවා - සුනිල් එදිරිසිංහ | Hath muhudin epita guguruwa - Sunil Edirisinghe


හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත්දෙයියන් බලා ඉද්දි සුද්දෝ ආවෙ රට කරන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්න

ඇත්දත් ගම්මිරිස් කුරුඳු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුනගෙ දරුපැටවුන් වහල් කමේ තියාගන්න
වැව් බිඳ රන් කොත බිමලා..//
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්න

යෝද කඳු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර එදේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ..//
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත්වරුනි දන්නවාද සුද්දො ආවෙ රට කරන්න

සත්තු වගේ මඩ ගාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා..//
පය පාමුල වාල් වෙන්න
මහත්වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

හත්මුහුදින් එපිට ගුගුරුවා..

මහත්වරුනි පේනවාද අදත් එනව රට කරන්න...


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...