මොනවද මුත්තේ මොකද කරන්නේ - රෝහණ වීරසිංහ, අනූෂා නානායක්කාර | Monawada muththe mokada karanne - Rohana Weerasinghe, Anusha Nanayakkara


මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

//..................................

මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

//.....................................

පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය - රෝහණ වීරසිංහ

Comments

  1. මහින්ද හිමි හොඳ කිවිවරයන් වහන්සේ නමකි. මේ ගීයේ මෙතරම් මනහර බවට හේතුව නියමාකාරයෙන් රැකි එළිවැට සේම එළිසමය යයි හඟිමි.

    "මොනවද" මුත්තේ මොකද කරන්නේ
    "මොකටද" ඔබ ඔය බිම හාරන්නේ

    "නුඹ"ටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    "අඹ" ඇටයක් සිටුවන්නට හාරමි

    "දුක"සේ සිටුවා අඹ ඇටයක් අද
    "එක" අඹයක්වත් කන්න ලැබේවිද

    "මම ළම"යෝ මින් අඹයක් නොපතමි
    "යුතුකම" පමණක් ඉටුකොට තබනෙමි

    "තමන්ට" නොලැබෙන දේකින් ලෝකෙට
    "කරන්ට" හැකිදේ නොම තේරෙයි මට

    "පුදු"මයි ලමයෝ නුඹෙ ඔය අදහස
    "හැදු"නොත් ඔහොමට නුඹටම වෙයි දොස

    "පෙර උන්" අය සිටවූ අඹගස් වල
    "ඵලයෙන්" අපි කවුරුත් ලබනෙමු පල

    "අපෙන්" පසුව එන අයටත් එම ඵල
    "ලැබෙන්"න සැලසුම අපගේ යුතුකම

    "ඒ යු"තුකම හොඳ හැටි දැන ගත්තෙමි
    "ආයු"බොවන් මුත්තේ මම යන්නෙමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවින්ද අයියා... මේ ගීතය පළ කළාට..

      Delete
  2. මට මේ සින්දුවේ ස්වය ප්රස්ථා දෙනව

    ReplyDelete
  3. මට මේ සින්දුවේ ස්වය ප්රස්ථා දෙන්න පුළුවන් ද ?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...