රාත්‍රිය උදාවුනා - ටී.එම්. ජයරත්න | Rathriya Udawuna - TM Jayarathna - sinhala lyrics


රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ...//

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්..//
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්...

රාත්‍රිය උදාවුනා...//

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්..//
සිත තැවුල් මවා ලයි
පුරා රැය නිතින්...

රාත්‍රිය උදාවුනා...//


ගායනය - ටී.එම්. ජයරත්න
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ

Comments