දිය කිඳුරිය සේ - එච්.ආර්. ජෝතිපාල | Diya Kinduriya Se - H.R.Jothipala - sinhala lyrics


දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා...

දිය කිඳුරිය සේ...//

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් ද අල්විස්
චිත්‍රපටය - “ඔබටයි ප්‍රියේ ආදරේ“ 1987



Comments

  1. This song was from Obatai Priye Adare in 1986 by Hemasiri Sellapperuma. casted by Vijaya, Sanath and Geetha. The film was a carbon copy of SAAGAR Hindi movie in 1985 casted Kamal Hassan, Rishi Kapoor and Dimpal Kapadiya and Awarded in Filmfare.
    The whole Sinhalese and Hindi film included beautiful songs. But I think this Sinhalese song had been more popular than its original one.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...