ආදරයේ උණුසුම ළඟ - සෝමතිලක ජයමහ | Adaraye unusuma langa - Somathilaka Jayamaha - sinhala lyrics


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...



ගායනය - සෝමතිලක ජයමහ
ගී පද - විජයසිරි අමරතුංග
සංගීතය - අමරසිරි පීරිස්


Comments

  1. ගීතයේ මුල් පද දෙකේ පුංචි අඩුපාඩුවක් තියනවා වගේ නේද..එක පද පේළියක් අඩුයි.

    මේ ගීතය රචනා කරලා තියෙන්නේ විජයසිරි අමරතුංග මහතා විසින්.. සංගීතය අමරසිරි පීරිස් මහතාගේ..

    ජය වේවා...!

    ReplyDelete
  2. @ :මනූManu: බොහොමත්ම ස්තූතියි සහෝ අඩුපාඩුව පෙන්වා දුන්නට..පොස්ට් කරන‍ වෙලාවෙ සිද්ද වෙච්ච පොඩි අඩුපාඩුවක් ඒ වගේම ගී රචනාව හා සංගීතය සැපයූ විශිෂ්ඨයන් පිළිබද සදහන් කිරීමත් විශිෂ්ඨයි..

    ReplyDelete
  3. මේ ගීතය පද රචනය දේවානන්ද වෛද්‍යසේකර

    ReplyDelete
    Replies
    1. නෑ. විජයසිරි අමරතුංග බවයි කීප තැනකම සඳහන්වෙන්නේ.

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...