කවුරුවත් නැහැ කවුරුවත් නැහැ - අමරසිරි පීරිස් | Kauruwath Naha - Amarasiri Peiris - sinhala lyrics


කවුරුවත් නැහැ - කවුරුවත් නැහැ
එගොඩට යන්නට - එ‍ගොඩට යන්නට...
ඉරගල වැටිලා - ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා - පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ කවුරුවත් නැ...

දවසින් දවසම පාලම හැදුනා
පාලම් මොලෙන් හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...

කවුරුවත් නැ කවුරුවත් නැ....//

දෑතේ අතැගිලි හබලට ගෙවුනා
ගෙනියන්නට බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම ගිය බර අද දවසේ
මට හිනැහීගෙන යනවා රහසේ

කවුරුවත් නැ කවුරුවත් නැ....//


ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - හේමසිරි ගුණතුංග


Comments

  1. රසික සර් ගේ අළුත් වැඩේට අපෙනුත් උණුසුමු සුබ පැතුම්!!!! ලදුනේ සින්දුවත් මේකට අතඅරින්නකො

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...