තනි වී සිටින්නයි මා - මිල්ටන් මල්ලවආරච්චි | Thaniwee sitinnai - Milton Mallawarachchi - sinhala lyrics


තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ

මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටිනයි මා...//

ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...

තනිවී සිටින්නයි මා...//

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන

Comments

  1. මෙම ගීතයේ මුල් වීඩියෝව තිබේනම් ලබාදෙනන

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. යූ ටියුබේ තියෙන ‍පරණම එකයි මේ දාල තියෙන්නේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...