සඳ හොරෙන් හොරෙන් - ඩබ්ලිව්. ඩී. අමරදේව | Sanda horen - WD Amaradewa - sinhala lyrics


සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ‍ හොරෙන් හොරෙන්...//

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ‍ හොරෙන් හොරෙන්...//


ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - කුලරත්න ආරියවංශ

Comments

  1. පද රචනය - කුලරත්න ආරියවංශ

    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...