දෑසම රිද්දන - රූකාන්ත ගුණතිලක, නෙලූ අධිකාරි | Daesama riddana - Rookantha Gunathilaka, Nelu Adhikari



දෑසම රිද්දන හසගන තාලෙට
පාද නගාගෙන කවුද හැබෑටම
මේ යන රන් ළන්ඳා...
කිව්වානාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙළනවා...

මේ හැටි ලස්සන රූ වරුනාවට
ඉබේම නැවතුනු හිටි පාදෙම
ඔය කී රූ වරුණා...
මා ගැන නම් මේ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා...

මල් පෙති වාගේ පාද රිදෙද්දෝ
බොරළු ප‍යේ ඇනිලා
මා‍ ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා...
ආලේ කුසුමෙන් මා හිත පිපිලා
සුවඳ හදේ රැඳිලා...

පේර නාරං බෝවිටියා දං
අපට කඩා දෙයිදෝ
බුරුතු පිටින් මේ වාරේ අවාරේ
නෙලාන ඉන්නම් දෝ...
මේ ගුරු පා‍රේ මේ නෙතු ආයේ
හෙටත් සිනා සෙයිදෝ...

//ගී පද : අජන්තා රණසිංහ
//තනුව සහ සංගීතය : රූකාන්ත ගුණතිලක

Comments

  1. චුට්ටක් පදනම් වැරදි... ඒත් ඔයාට බොහෝම ස්තූති. මේක රූකාන්ත ගායනා කරන ලස්සක ගීතයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...