සිනා පිපෙනා මේ - සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් විජේසේකර | Sina Pipena Me - Samitha & Lakshman



සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා...

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා...//

ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් ලක්ෂ්මන් විජේසේකර
සංගීතය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි

Comments

  1. මේ ගීතයේ වචන ටිකක් නිවැරදි කරන්නම් මතක හැටියට.

    ගමනකින් හමනා => ගම මැදින් හමනා වියයුතුයි
    සසල තුරුලේ => සසල තුරුලිය විය යුතුයි
    වැළඳ සැනසෙමි => වැළඳ සැනසෙන විය යුතුයි

    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ...සිනා සී..
    ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනා සී...ඔබයි ගෙන ආවේ..
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවදයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

    සිනා පිපෙනා...//

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැලද සැනසෙන
    තැනක සඟවමි හද සෙනේ සුසුමින්

    සිනා පිපෙනා...//

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. නිවැරදි කලා :-)

      Delete
  2. මේක මාරම ලස්සන සිංදුවක්....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...