රුවන් තාරකා - බණ්ඩාර අතාවුද | Ruwan Tharaka - Bandara Athauda - sinhala lyrics


රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා...//

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ...
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ...//
නිබඳ මා වෙතේ...

රුවන් තාරකා...//

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ...//
යොවුන් මාවතේ...

රුවන් තාරකා...//


ගායනය - බණ්ඩාර අතාවුද
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ


Comments

  1. සරල ගීතයක්.සුන්දරයි.

    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
    සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete
  2. දෙවන අන්තරා කොටස - තිසර විලේ පිපුණු මලේ... නිසල නෙවෙයි..

    ReplyDelete
  3. නිවැරදි කලා. බොහොම ස්තූතියි. හැමදාම වගේ :-)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...