‍ඔබේ නමින් සෑය බඳිමි - ඩබ්ලිව්. ඩී. අමරදේව | Obe namin seya bandimi - WD Amaradewa - sinhala lyrics


ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුණ්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම තාල හඬට හඬන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

ඔබේ නමින්...//


ගායනය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර හෝ ඩෝල්ටන් අල්විස්



Ruchira Bandara

Comments

  1. Samitha SandanuwanMay 11, 2014 at 11:32 AM

    මහගම සේකරයන් විසින් රචිතයි. සංගීතය අධ්‍යක්ශණය කරමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්.
    සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ජීවිතය කැප කල දුටුගැමුණු රජු සහ රහතන් වහන්සේලා ස්වර්ණමාලීනම් දෙව්දුවට ඇයගේ විමානය හැර යාම පිණිස කල ඉල්ලීම ඉතා සාර්ථක ලෙස ගීතයකට නගා ඇත. ඒ ඉතිහාසය මම මතක් කරන්නම්.
    "මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහාසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වූයේ ය. එකල්හි එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වා යැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හි ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථූපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.
    එකල්හි ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය."

    ReplyDelete
    Replies
    1. මෙවන් පැහැදිලි කිරීම් නිතර අපි බලාපොරොත්තු වන්නෙමු...
      සොහොයුර ඔබට විවරයි ගී පැදුර....හැකි සෑම විටම ගීයේ අරුථ ගැන කියා දෙන්න...
      ස්තූතියි නැවතත්...!

      Delete
    2. This lyrics was written By CHANDRATAHNA MANAVASINGHE ,please write all those facts correctly . Please don't do any explains if you don't know perfectly .

      Delete
    3. Itha mihiri mema geethaye arutha itha pehediliwa kiya dunnata pin

      Delete
    4. harima watinaa mehewaraki meya ..... sathutaki bohoma thawamath rasa handunana piris apa athara siteema gena ....jaya sri

      Delete
  2. This lyrics was written By CHANDRATAHNA MANAVASINGHE ,please write all those facts correctly . Please don't do any explains if you don't know perfectly .

    ReplyDelete
  3. No. this was done by Mahagamasekara.

    ReplyDelete
  4. උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ නොව උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..වෙනස් කලා

      Delete
  5. බාල චන්ද්‍ර පටුනලලත අලක ඇඳුන් අඳින ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම තාල හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

    පොඩි පොඩි වැරදි තිබුන, මම හිතන්නේ මෙහෙම හරි

    ReplyDelete
  6. මචන් මේකෙ තෙරුමන්ම් වැරදී මහගමසෙකර ගොබ්බ තෙරුම් දුන්නැ එයාගෙ සින්දු වලට .... මේකෙ කියන්නේ ප්‍රභුද්ද කවි සන්ග්‍රහයෙ ඉන්න යශෝදා වගේ කෙල්ලෙක් ගැන .... තෙරුම තව ටිකක් හොය්ලා බලලා දාපන් 😂😂😂

    ReplyDelete
    Replies
    1. “විචාරයන්“ විවිධාකාර වෙන්න පුළුවන්..කෙනෙකුගේ විචාරයක් වෙනුවෙන් ඔබට අවැසි නම් තර්ක කල හැකියි..නමුත් වැරදියි යයි කීම නම් නුසුදුසු යැයි මගේ අදහස...
      විස්තරාත්මක, තර්කාණුකූල ඔබේ විචාරයටත් ගී පැදුර විවෘත්තයි..

      ස්තූතියි අදහසට..

      Delete
  7. මට දැනෙන විදියට ඒ දුටුගැමුණු හා බද්ධ සිද්ධිය කතා ආශ්‍රයක් විතරයි කියලා. ආඩම්බර ගෑනු ලමයෙක්ගෙන් මට ඔයා ආඩම්බර කම පැත්තක දාලා මා ළගට ඇවිත් ආදරය දෙන්න කියනව වගේ අර්ථයකින් මේ සින්දුව දිහා බලන්නත් පුලුවන් නේද

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...