කැලෑ මල් පිපෙයි - සුනිල් එදිරිසිංහ | Kele mal pipei - Sunil Edirisinghe - sinhala lyrics


කැලෑ මල් පිපෙයි සුවද දිදී තුරුවදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදෙයි මලින් මලට හෙමින්සැ‍රේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරංතරේ
සදාකල් හඬා වැලපීමයි කැලෑ මලේ කතන්දරේ

සලෙල දනන් කුල්මත් කර ඔමරි ලතාවයි
මල් උයනේ සුවද සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නනේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැලෑ මලෙක කතාවයි

කැලෑ මල් පිපෙයි...

ලදුනි නුඹෙන් ‍තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන්වනිතාවන්
ම්ල්නෙලදුන් අතරතුරේ වාසනාවන්

කැලෑ මල් පිපෙයි...


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - එච්.එම්. ජයවර්ධන
ගී පද - සුනිල් ආරියරත්න

Comments

  1. ලස්සනයි. නියම වැඩක් !!! ඔය ගීත වල ඕඩියෝ ෆයිල් එහෙම ඩවුන්ලෝඩ් ගරගන්න විදිහක් තිබ්බා නම් මරේ මරු !!!!

    ReplyDelete
  2. ගී පැදුරට එක්කල මුල්ම අදහස වෙනුවෙන් "මධුරංග" සහෝට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා...
    ඉතින් ඉදිරිපත් කර ඇති අදහස, පැදුර පටන්ගන්න කොටම මටත් හිතුන නිසා සහ නිතරම සිදුකරවීමට අපහසු වූ නිසාත් මා බ්ලොග් අඩවියේ මුලම පොඩි කමෙන්ටුවක් දැම්මා, අවශ්‍යම ගීයක් ඇත්නම් සදහන් කරන්න කියල...ඉතින් ගීතයේ අවශ්‍යතාවය මත පොඩි ඉල්ලීමක් කරන්න කියල මතක් කර සිටිනවා...

    ReplyDelete
  3. ස්තූතියි අනේක වාරයක්.. හොයාගන්න මේ ගීතය අන්තර්ජාලයේ කොහේවත්. තෙරුවන් සරණයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...