හැමදාමත් යාළුවේ - සෝමතිලක ජයමහ | Hamadamath Yaluwe - Somathilaka Jayamaha - sinhala lyrics


හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නැ යාළුවේ...//

පිපි කු‍සුමෙහි රන් මුවරද
නිති පිනවින් සේමා
නිතිගෙ කිරණ වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ...//

හැමදාමත් යාළුවේ...//

සව්සිරි සැම මා අතහැර
අද වෙනතක රැදිලා
මින් මතු තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැන ද මිතු‍රනි...//

හැමදාමත් යාළුවේ...//

ගායනය : සෝමතිලක ජයමහ
පද රචනය : විජයසිරි අමරතුංග
සංගීතය : සෝමතිලක ජයමහ




Comments