තනි තරුවේ - වික්ටර් රත්නායක | Thani Tharuwe - Victor Rathnayaka - sinhala lyrics


තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

මහඳ අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
මගෙන් ඉවත බැඳිලා සැනසී...
තනිතරුවේ.........තනි තරු‍වේ......
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

තනිතරුවේ.................///

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

Comments

  1. මේ ගීතය රචනා වුණෙත් වික්ටර් ප්‍රේමකීර්ති සංසාරගත මිතුදමේ එකතුවෙන්.
    ගේය පද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.

    වික්ටර් ප්‍රේමකීර්ති මිතුරෝ දෙන්න හවස මුහුදු වෙරළේ ඉන්නකොට ඉරබටු තරුව දැකපු ප්‍රේමකීර්ති මිතුරා මහ හයියෙන් මෙන්න මෙහෙම කෑ ගහලා තියනවා.
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

    මේ ගීතය ලියවෙන්නේ ඔන්න ඔය කියන සිද්ධිය මුල් කරගෙන.ගොඩක් හැඟිම්බර ගීතයක්.මම ගොඩක්ම කැමති මෙන්න මේ පද හතරට.
    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...
    මගෙන් ඉවත බැඳිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ....

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...