කුරුටු ගෑ ගී පොතේ - නන්දා මාලිනී  | Kurutu ge gee pothe - Nanda Malini - sinhala lyrics


කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා...
කුරුටු ගෑ ගී පොතේ...

ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා...
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ...

කුරුටු ගෑ ගී පොතේ...//

මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...

කුරුටු ගෑ ගී පොතේ...//

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ස්ටැන්ලි පීරිස්

Comments

  1. නියම සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...