මාශා - කසුන් කල්හාර | Masha - Kasun Kalhara - sinhala lyrics


සද ඕනා නුරා තොල් පෙති ඇති සීතල සද ඕනා
හිත ඕනා පුරා මල් පෙති ඇති රෝහිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සද ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...

මාශා සොයා තාමත් නොයා
බලා හිදී මේ දෙනෙත් විදාලා...//

දේදුන්නේ..නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ...
ඒ මුහුනේ..ගෑ වත්සුනු නෑ තවරා නැ
කිදුරන් වාගෙම නෑ‍...
නවතාලා - සිත විමසාලා - තරු ඉගි පානා
ඈ මට ඕනා...
ඈ නවතාලා - තරුඉගි පාලා - හිත විමසාලා...

රෑ වීලා රෑ ඕනැ නෑ - තාමත් ඈ දුර නැ
ආකාසේ රෑ තහනම් නැ අහුරන් නෑ
තාමත් ඈ ලග නෑ...
කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා - සිප ගන්ඕනා
ඈ කොදුරාලා - රහසින් කීවා
තව ලං වීලා...

මාශා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නැ..
සැලුනේ නැ - වෙනදා මෙන් ඔය නෙතගන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නැ
නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ...

මාශා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා...//


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - ධනුෂ්ක වීරසිරි

Comments

  1. ගේය පද - ධනුෂ්ක වීරසිරි
    සත්සර රටාව - කසුන් කල්හාර

    ReplyDelete
    Replies
    1. මරු.. මේ දායකත්වය තමයි අවශ්‍ය :-D

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...