ප්‍රේමය පුද දි අවසානයි - චාමර වීරසිංහ, රාජිකා | Premaya puda dee awasanai - Chamara Weerasinghe, Rajika Prasadini - sinhala lyrics


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න


එක වදනක් පවසන්නම්
එය හදවත හඬවයි නම් //
මා වෙනුවෙන් නොහඬන්න
ජීවිතයට ‍ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න


ප්‍රේමය පුද දී අවසානයි...


ආදරයක් තියනව නම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම් //
මට නොපෙනී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
ගතගෙන යන්නම් දුරක
සිත නම් බෑ ගෙන යන්න


ප්‍රේමය පුද දී //

ගායනය - චාමර වීරසිංහ, රාජිකා ප්‍රසාදිනී
පද රචනය - සී. එන්. ඕමන්තගේ
සංගීතය - ජයලත් වටවල



Comments

  1. ප්‍රේමය පුද දී අවසානයි
    ඔබ සතු වී කාලය බෝමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනින් යන්න

    මෙන්න මෙතන ඔහු සතු වී කාලය බෝමයි ලෙස නිවැරදි වෙන්න ඕනා..

    ReplyDelete
  2. @ ..ChAnDiKa.. : ස්තූතියි සහෝ නිවැරදි කිරීමට...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...