ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක | Aadaraye Ulpatha Woo Amma - Victor Rathnayaka - sinhala lyrics


ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක

Comments

  1. මේ ගීතය රචනා වුණෙත් වික්ටර් ප්‍රේමකීර්ති සංසාරගත මිතුදමේ එකතුවෙන්.
    ගේය පද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.
    සඳ දිය කොට කිරිවතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
    මතකයි මා නැලැවූවා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...