මුතු කුඩ ඉහලන - රෝහණ වීරසිංහ | Muthu Kuda Ihalana - Rohana Weerasinghe - sinhala lyrics


මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...

මුතු කුඩ ඉහලන...//


ගායනය : රෝහණ වීරසිංහ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : රෝහණ වීරසිංහ

Comments

  1. යට ගිය දවසේ දෑස "පියා" ඉගිලී

    යට ගිය දවසේ දෑස "giya" ඉගිලී

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...