සසර සැරි සරණ තෙක් ඔබ මගේ - වික්ටර් රත්නායක | Sasara sarisarana thek - Victor Rathnayaka - sinhala lyrics


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. පද පේළි වල පොඩි වැරදි ටිකක් හරි ගැස්සුවා.. :D

    ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
    හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
    මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
    තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
    මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
    මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
    මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
    හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
    මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    ~Ganushka Ranasinghe

    ReplyDelete
  2. ප්‍රේමකීර්ති...!! උඹ අපිව මරං කෑවානං හොඳයි ඔයිට වඩා.

    මෙහෙම සිංදු ලිව්වම අපි කොහොම ඉවසන්නද යකෝ !

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...