ඔබ මා හමුවේනම් - ජගත් වික්‍රමසිංහ  | Oba ma hamu we nam - Jagath Wickramasinghe - sinhala lyrics


ඔබ මා හමුවේ නම්
එකම කතාවක් එකම වතාවක්
යලිත් කියන්නට
ඔබ මා හමුවේ නම්...//

අතීතයට පිය මනිනු බැ‍රී
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
පිනි කදුලක් සේ...
මැකී ගිහින් ‍- සිතේ ඉතිරි වූ
එකම කතාවක් - යලිත් කියන්නට
ඔබ මා හමුවේනම්...

සිනා පිරුනු නෙතු දකිනු බැරි
මා ඔබ හමුවුනු මාවත වෙන් වී...//
මහ පවුරක් සේ...
නැගී ඇවිත් - මුවේ පිපේ නම්
එකම සිනාවක් - යලිත් දකින්නට
ඔබ මා හමුවේ නම්...

ඔබ මා හමුවේ නම්...//

ගායනය : ජගත් වික්‍රමසිංහ
පද රචනය : වසන්ත කුමාර කොබවක
සංගීතය : රෝහණ වීරසිංහ



Comments