සිහිනයකි ඔබ - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද | sihinayaki oba - Bandara Athauda, Niranjala Sarojini - sinhala lyrics



සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...

ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා...

සිහිනයකි ඔබ...//

යුග ගණන් අප වෙන්ව ආ මඟ
සොදුරු නිම්නෙක එක්වෙලා...
දුක් සුසුම් නැති අපේ ලොව තුල
සිනා මල් පෙති විසිරිලා...

හිරුට තනි නැත සදුත් නැත තනිවී
එකම අහසක හමුවෙලා...
ලොවම සසලව බලා සිටියාවේ
යලිදු අප හද ලංවෙලා...


ගායනය - නිරංජලා සරෝජිනී, බණ්ඩාර අතාවුද
සංගීතය - එච්.එම් ජයවර්ධන
ගී පද - කුසුම් පීරිස්

Comments

  1. පද රචනය: කුසුම් පීරිස්

    ReplyDelete
    Replies
    1. ස්වර - එච්.එම් ජයවර්ධන

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...